ඊයේ රට පුරාම දිව්වේ පෞද්ගලික බස් 500 යි – ගැමුණු විජේරත්න

162

දැඩි ඉන්ධන අර්බුදය හමුවේ රටපුරා පෞද්ගලික බස් රථ ඊයේ (05 දා) දිනයේ ධාවනය වූයේ 500 ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවැසීය.

ඊයේ ධාවනය වූ පෞද්ගලික බස් රථවල මගීන් විශාල පිරිසක් ගමන්ගත් බව ද පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික බස් රථ 15,000 ක්ම ඉන්ධන පෝලිම්වල හා නිවෙස්වල ඇති බව ද විජේරත්න මහතා කියා සිටියේය.

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථවලට ඉන්ධන නිසිලෙස නොලැබෙන බවත්, පවතින තත්ත්වය හමුවේ බස් රථ සේවකයන් සිය සේවාව අත්හැර කුලී රැකියා සඳහා යොමුවීමේ තත්ත්වයක් මතුව ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment