ඊයේ රාති‍්‍රයේ සිට 30 දා තෙක් රැස්වීම්, උත්සව තහනම් – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් කියයි

616

මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව ඊයේ (15 වැනිදා) රාතී‍්‍ර 12.00 සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශන සංග‍්‍රහයක් ඊයේ නිකුත් කළේය. කොවිඞ් පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

ප‍්‍රසිද්ධ රැස්වීම්, ප‍්‍රසිද්ධ ස්ථානවල පුද්ගල ඒකරාශී වීම් තාවකාලිකව නවතා තිබෙනවා. මෙය කොවිඞ් ව්‍යසනය තවදුරටත් අවම තත්ත්වයට පත්වන තෙක් කි‍්‍රයාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කීවේය.

සමහරුන් කියනවා අපි මුළු රටම ගෙනල්ලා කොළඹ හොල්ලනවා කියා. මෙවැනි විරෝධතා උද්ඝෝෂණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල අපි දැක තිබෙනවා. විරෝධතා උද්ඝෝෂණ කිරීමට ජනතාවට එවැනි අයිතියක්ද තිබෙනවා. එහෙත් මේ මොහොතේ මෙවැනි ප‍්‍රකාශ මෙන්ම එවැනි උත්සාහයන් තුළින් බරපතළ ව්‍යසනයක සේයා මතු වෙමින් තිබෙනවා. යැයි ද ඔහු කීය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment