ඊයේ ලංකාවේ අඩකට විදුලිය නෑ – විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ

254

ඉහළ කොත්මලේ ඇතුළු බලාගාර කිහිපයක ඇති වූ දෝෂයක් නිසා දිවයිනේ අඩකට ඊයේ (29 වැනිදා) රාති‍්‍ර විදුලිය බිඳවැටීම් සිදුවිය.

මේ වනවිට ජල විදුලි බලාගාරවලින් සියයට 60 ක් 70 ක් පමණ විදුලිය ලබා ගන්නා බවත් ජල විදුලි බලාගාරවල හටගත් දෝෂය නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් විදුලි ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම තත්ත්වය මත රටටම විදුලිය ලබාදීමට ප‍්‍රමාණවත් බලශක්තියක් නොමැති නිසා විවිධ ප‍්‍රදේශවල විදුලිය බිඳ වැටුණ බවද හෙතෙම සඳහන් කළේය. මේ වන විට විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක ද නිරතව සිටී.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment