ඊයේ විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල රාජ්‍ය පරිපාලනයට

95

ඉදිරි වර්ෂය (2023) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව ඊයේ (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත (පළමුවර කියවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය එම පනත කියවූවාය.

මෙම පනත් කෙටුම්පත මගින් රජයේ සේවා සහ වියදම් වෙනුවෙන් ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් බිලියන 3657ක් වන අතර වැඩිම මුදලක් වෙන්කොට ඇත්තේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment