ඊයේ වෛද්‍ය වර්ජනය නිසා අනුරාධපුර රෝහලට එන රෝගීන් අඩුවේ

29

ඊයේ (14) වැනි දින දිවයිනේ පළාත් පහක රෝහල්වල ආරම්භ කළ වෛද්‍ය වර්ජනයට සමගාමීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කළ වෛද්‍ය වර්ජනය නිසා රෝහලට දෛනිකව පැමිණෙන රෝගීන් විශාල වශයෙන් අඩු වී තිබුණි. වෛද්‍ය වර්ජනය පිළිබඳව ජනතාව දැනවත් වීම හේතුවෙන් මෙසේ ප්‍රතිකාර සඳහා පැමිණන රෝගින් විශාල ලෙස අඩුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍යවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පැමිණි රෝගින්ට ද ප්‍රතිකාර නොගෙන ආපසු හිස් අතින් යෑමට සිදුවිය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අත්‍යවශ්‍ය ප්‍රතිකාර පමණක් සිදු කිරීමට පියවර ගෙන තිබුණි. රෝහල්වල සෙසු සියලුම සේවකයන් සේවයට වාර්තා කර තිබුණ ද සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදු නොවන හෙයින් තමන්ට ආපසු හිස් අතින් යෑමට සිදුවූ බව පැමිණ සිටි රෝගින් පැවසීය.

නොචිචියාගම-එම්.එම්.පී.ජී.පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment