ඊයේ 19 ඩෙල්ටා හැදුණු 38 ක් ජපුර වෛද්‍යපිඨයේ ශිෂ්‍යයකුත් ඒ අතර

170

‘කොවිඞ් 19’ ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවකු වාර්තා වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරියෙක් පැවැසීය.

පිළියන්දල, මිරිස්වත්ත ප‍්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍ය ශිෂ්‍යයාට කොරෝනා රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් ඉකුත් 09 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහිදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගෙන ඇත.

අනතුරුව මෙම රෝගියාට වැළඳී තිබූ වෛරසයේ සැක සහිත භාවය නිසා, වැඩිදුර පරීක්ෂණ සඳහා එහි සාම්පල ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයට ඉකුත් 13 වැනිදා යොමු කර තිබුණි.

පසුව, එහි වාර්තාව 14 වැනිදා ලැබී තිබූ අතර, ඒ අනුව මෙම වෛද්‍ය ශිෂ්‍යයාට වැළඳී ඇත්තේ කොරෝනා ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයා තවදුරටත් පැවසීය.

ඒ අනුව ආසාදිත ශිෂ්‍යයාගේ නිවසේ පදිංචි මව, සහෝදරයා, ඔහුගේ බිරිඳ සහ අවුරුදු හතක දරුවකු ඇතුළු අටදෙනකු , පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ‍්‍රයේදී ඊයේ (15 වැනිදා) උදෑසන පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබුණි.

මේ වන විට ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ වෛද්‍ය ශිෂ්‍යයා ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.

සුජීව තත්සර, පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment