ඊයේ (6) ගුරු දිනය දා ගුරුවරු උද්ඝෝෂණයේ

205

හැටන් නගර මධ්‍යයේ

ලෝක ගුරු දිනය යෙදී තිබුණු (06)  දිනයේ ගුරු විදුහල්පතිවරුන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලකරමින්, දැනට ගුරු විදුහල්පතිවරුන් ආරම්භකර ඇති වෘත්තිය සමිති ක‍්‍රියා මාර්ගවලට සමගාමීව හැටන් කලාප අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

නුවරඑළිය – නාලක රත්නායක

ගාල්ල උඩුගම නගරයේ

ඊයේ (6) ගුරු දිනය දා ගුරුවරු උද්ඝෝෂණයේ

ගුරු දිනය සමරන ඊයේ (06) දිනයේදී දිවයින පුරා ගුරු විරෝධතා පැවැත්වෙද්දී ගාල්ල උඩුගම නගරයේදී ද විරෝධතාවක් පැවැත්විණි.

උඩුගම මහා විද්‍යාලය අසලට රැුස්වූ උඩුගම මාපලගම කොට්ඨාසයේ විදුහල්පතිවරු සහ ගුරුවරු උඩුගම නගරයට ගොස් සාමකාමී විරෝධතාවක නිරත වූහ.

හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

අනුරපුර ඞී.එස්. වටරවුම අසල

ඊයේ (6) ගුරු දිනය දා ගුරුවරු උද්ඝෝෂණයේ

ලෝක ගුරු දිනය යෙදී තිබුණු 6 වැනි දිනට සමගාමීව ශී‍්‍ර ලංකාවේ දිවයින පුරා නගර 312කදි කළු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සමගාමීව අනුරාධපුර ඞී.එස්. වටරවුම අසලදී විරෝධතාවක් පවත්වන ලදි. සෞඛ්‍ය නීති රීතිවලට අනුව මෙම උද්ඝෝෂණයට පනහක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.

නොච්චියාගම -එම්.එම්.පී.ජී. පෙරේරා

තිරප්පනේ

ඊයේ (6) ගුරු දිනය දා ගුරුවරු උද්ඝෝෂණයේ

ගුරු විදුහල්පති වැටුප් ගැටලූව වහා විසඳනු, දරුවන්ගේ  අධ්‍යාපන අයිතිය තහවුරු කරනු යන මැයෙන් ලෝක ගුරු දිනයට සමගාමීව දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවේ තවත් එක් උද්ඝෝෂණයක් ඊයේ (06* තිරප්පනේ මහානාම මහා විද්‍යාලය ඉදිරිපිට දී පැවැත් විණි.

තිරප්පනේ – සමන් පෙරේරා

කළුතර නගරයේ දී

ඊයේ (6) ගුරු දිනය දා ගුරුවරු උද්ඝෝෂණයේ

ගුරු විදුහල්පති වැටුප් ගැටලූව වහා විසඳනු ‘‘දරුවන්ගේ  අධ්‍යාපන අයිතිය තහවුරු කරනු,” ‘‘ගුරු විදුහල්පති බලය පෙන්වමු” යන තේමා පාඨ මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (06) කළුතර නගරයේ දී පැවැත්විණි.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම

නාවුල නගරයේ

ඊයේ (6) ගුරු දිනය දා ගුරුවරු උද්ඝෝෂණයේ


ලෝක ගුරු දිනයට සමගාමීව රට පුරා සංවිධානය කර තිබූ ගුරු උද්ඝෝෂණ මාලාවට සහය පළ කරමින් මාතලේ දිස්ත‍්‍රික්කයේ අධ්‍යාපන කලාප රැුසක ගුරු විදුහල්පතිවරුන් සාමකාමී විරෝධතාවල නිරත වූහ. ඊයේ (6) දින නාවුල නගරයට එක් වූ නාවුල කලාපයේ ගුරු හා විදුහල්පතිවරුන් පිරිස වැටුප් ගැටලූව කඩිනමින් විසදන ලෙස දැක්වූ පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

නාවුල – නිමල් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment