සිය රට ‘ඔමික්‍රෝන්’ වෛරසයේ උප ප්රභේදයන් දෙකකින් සැදී ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ආසාදනය වූ දෙදෙනකු පරීක්ෂණවලදී හඳුනාගත් ගත් බව ඊශ්‍රායලය විසින් නිවේදනය කර තිබේ.
ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයේ ‘ඒ – 1’ හා ‘බී ඒ – 2’ යන උප ප්‍රභේදයන්ගෙන් සැදුම්ලත් නව ප්‍රභේදය ආසාදනය වූවන් දෙදෙනකු එරට බෙන් ගුරියන් ගුවන් තොටුපළේ සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ. ඔවුන් මඳ උණ, හිසරදය හා මාංශ පේශීන්ගේ වේදනාව යන රෝග ලක්ෂණවලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම නව ප්‍රභේදය තවමත් ලෝකයාට අලුත් බවද අමාත්‍යාංශය සඳහන් කර තිබේ.