ඊශ්‍රායල් උණ්ඩයට බිළිවූ ඇමෙරිකානු මාධ්‍යවේදිනිය

435

ඉකුත් බදාදා දිනයේ බටහිර ඉවුරේ ජෙනින් නගරයේදී මාධ්‍යවේදිනියක් ඝාතනය වීම ලොවපුරා ජනමාධ්‍යවල ප්‍රධාන පුවතක් විය. අල් ජසීරාවේ අරාබි භාෂාවෙන් ක්‍රියාත්මක වන නාලිකාවක මාධ්‍යවේදිනියක වූ ශ්‍රින් අබු අක්ලේ මෙලෙස ඝාතනය විය. ඇය ඝාතනය වූයේ ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයකිනි. ශ්‍රින් සමග සිට අලි නමැති මාධ්‍යවේදියා ද වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර ඇතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබේ.

ඊශ්‍රායල් අගමැති නෆ්ටාලි බෙනට් පවසන්නේ තම හමුදා පලස්තීන ත්‍රස්තයන්ගේ ප්‍රහාරයකට ලක්වුණු බවයි. එයට ප්‍රතිචාර ලබා දෙද්දී මාධ්‍යවේදිනියක් ඝාතනය වීම කනගාටුදායක බවත්ය. කෙසේ නමුත් එක් ඊශ්‍රායල හමුදා ප්‍රධානියෙක් පවසා තිබුණේ කැමරා අතැති ත්‍රස්තවාදීන් හමුදාවට ප්‍රහාර එල්ල කළ බවයි. ඇත්ත කවරෙක් කියන්නේ ද යන්න ප්‍රශ්නයකි. මියගිය මාධ්‍යවේදිනිය 51 හැවිරිදි වියේ පසුවන අතර ඇය ජෙරුසලමේ උපන් තැනැත්තියකි. 1997 සිට අල්ජසීරාව සමග එක්ව සේවය කරන ඇය මියයන අවස්ථාවේදීත් ‘ප්‍රෙස්’ යනුවෙන් මුද්‍රිත නිල් පැහැති ජැකට්ටුවක් ඇඳ සිටියාය. පලස්තීන වෙබ් අඩවියකට පුවත් සපයන මාධ්‍යවේදිනියක වන ශාසා හුසේන් පවසන්නේ මේ සිද්ධිය වූ අවස්ථාවේ එම ප්‍රදේශයේ කිසිදු ගැටුමක් පැවතියේ නැති බවයි. ඔහු පවසන ආකාරයට ඊශ්‍රායල් හමුදාව සිතා මතාම මාධ්‍යවේදීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. මම වෙඩි තියනකොට අසල තිබ්බ ගහක් අස්සට ගියා. ශ්‍රින් වෙඩි වැදිලා බිමට වැටෙනව මම දැක්කා. මේ මාධ්‍යවේදියා ඒ අඳුරු සිදුවීම හෙළිකර සිටියාය. ශ්‍රින් වැටුනත් හමුදාව වෙඩි තියන එක නැවැත්තුවේ නැහැ. මම ඇය දෙසට අත දිගුකර කෑගැහුවා. ඒත් වෙඩි තැබීම නතර වුණේ නැහැ. රූත් කොචාව් නම් ඊශ්‍රායල් හමුදා ප්‍රධානි පවසා ඇත්තේ මාධ්‍යවේදීන් දෙදෙනෙක් කැමරා වලින් සන්නද්ධව පලස්තීන ත්‍රස්තවාදීන් සමීපයේ සිටි බවයි. මාධ්‍යවේදීන් සමීපයේ සිටි ත්‍රස්තවාදීන් හමුදාවට වෙඩි තැබූ නිසා තමන්ද පෙරළා පහරදීම සිදුවූ බව කොචාව් හමුදා රේඩියෝව සමග ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රින් ඇමෙරිකානු පුරවැසියෙක් නිසා ඇයගේ මරණය ගැන විශේෂ පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකාවක් වන රෂ්ඩා ටලිබ් අල්ජසීරා රූපවාහිනිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි. ජොර්දානයේ රාජකීය කුමරිය නිවේදනය කර ඇත්තේ ශ්‍රින්ගේ මරණය ‘ඇත්ත හා යුක්තියට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් බවයි. ඇමෙරිකානු මාධ්‍යවේදිනියක් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුමුවට පත්වීම දැකීම අභාවාචක සිද්ධියකි. නමුත් ඊශ්‍රායල් හමුදාව බබා පාට් දමන්නේ නැහැ. පලස්තීන ක්‍රිස්තියානි පවුලක උපත ලැබූ ශ්‍රින් ඇමෙරිකාවේ නිව් ජර්සිහි වාසය කළ තැනැත්තියකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment