ඊශ්‍රායල් රැකියා සඳහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි ශක්තිමත් තරුණයන් මිස පටු දේශපාලනයට කෑගසන අය නොවේ – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

32

ඊශ්‍රායලයේ රැකියා සඳහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ කළ හැකි, ලංකාවේ නම රඳවන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් මිස එක එක පටු දේශපාලනඥයන්ගේ උවමනාව අනුව උද්ඝෝෂණ කරන අය නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා ගොස් නැවත පැමිණෙන ශ්‍රමිකයන් කෘෂි ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා කටයුතු කරන බවද, ඊශ්‍රායලයේ කෘෂි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයන් සඳහා උමන්දාව විශ්ව බෞද්ධ ගම්මානයේදී ලබාදෙන පුහුණු වැඩසටහනේ දෙවැනි අදියරේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඊයේ (24 දා) පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

ඊශ්‍රායල් රැකියා සඳහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි ශක්තිමත් තරුණයන් මිස පටු දේශපාලනයට කෑගසන අය නොවේ - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

“හාමුදුරුවෝ කිව්වා වැසි සීයක් ආවත් අපි වැඩ කරනවා කියලා. වැස්ස එන්නේ අපිව තෙමෙන්න. අව්ව එන්නේ අපිව වේලෙන්න කියන එකේ ලොකු දෙයක් තිබුණා. ඒක හරි හිතට දැනෙන දෙයක්. ලැබෙන දේ භාරගන්න. එන දේත් එක්ක පොසිටිව් විදිහට හිතන්න තමයි තිබුණේ. අපිට ජීවිතේ එන ඕන අභියෝගයක් භාරගන්න පුළුවන් මිනිස්සු විදිහට අපි පත් වුණොත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඉතිහාසයේ අපේ හිටියේ එහෙම අභියෝග භාරගන්න පුළුවන් මිනිස්සු. එහෙම ඉතිහාසයක් තිබුණු රටක් අපි.

අපි කාලෙකට පස්සේ එක එක අයගේ උවමනාවට අපි අභියෝග භාරගන්න එක අතෑරලා උද්ඝෝෂණය කරන්න, බෝඩ් එක අතට ගන්න තැනට කටයුතු කළා. අපි ජාතියක් රටක් විදිහට අභියෝග භාරගත්ත මිනිස්සු. වාරි සංස්කෘතිය, කෘෂිකර්මාන්තය, දගැබ් හදපු ඉතිහාසය මේ සියල්ල පැත්තකට දාලා බෝඩ් ලෑල්ල අතට ගන්න තැනට අපි පුරුදු කළා. දියව් දියව් කියලා අනිත් එකාගේ දේ කඩවඩාගන්න තැනට පුරුදු වුණා. තව කණ්ඩායමක් බෙදන්න පුරුදු කළා. අපිව පුලන්නෝ බවට පත් කළා.

මෙම අවස්ථාවේදී සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතාද අදහස් දැක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment