ඊශ්‍රායල ගුවන්තොටුපළක බෝම්බ බියක්

419

ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ ඇමරිකානු පවුලක් විසින් නොපිපිරුනු ෂෙල් රොකට්ටුවක් ඔතාගෙන ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ගුවන්තොටුපළට පැමිණි බව සැල වී කලබල වූ ගුවන්තොටුපළේ සිටි මගීහු පෙරේදා (28දා) සී සී කඩ දුව ඇත.

ඊශ්‍රායලයේ ‘ගෝලාන් හයිට්ස්’ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ මෙම ඇමරිකානු පවුල එහිදී නොපිපුරුණු ෂෙල් රොකට්ටුවක් සොයාගෙන ඇති අතර නැවත සියරට බලා යෑමේදී එය බෑගයක ඔතා ගමන් මල්ලේ දමාගෙන ගුවන්තොටුපළට පැමිණීම නිසා මෙම අකරතැබ්බය සිදුව තිබේ. අදාළ පවුලේ ගමන් මලු ආරක්ෂක අංශ විසින් පිරික්සීමේදී මෙම ෂෙල් රොකට්ටුව සොයාගෙන ඇති අතර ඒ බව සැලවීමත් සමගම අවට සිටි මගීහු කලබල වී සී සීකඩ දිවීමට පියවර ගෙන තිබේ. ෂෙල් රොකට්ටුව ඔතාගෙන පැමිණි ඇමරිකානු පවුලට ගුවන් යානයට නැගීමට අවසරය ලබා දී ඇත්තේ ඔවුන්ගේ ගමන් මලු හොඳින් පරීක්ෂා කර ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් අනතුරුවය.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment