ඊශ‍්‍රායලයේ පෙගසස් මෘදුකාංගය ලොව කළඹයි රටවල් 50ක තොරතුරු නිරීක්‍ෂණය කරලා

295

ඊශ‍්‍රායලය විසින් නිපදවූ පෙගසස් මෘදුකාංගය නිසා සෞදි රාජකීයයන්, ලොව පුරා සිටින දේශපාලනඥයන් 600 ක් සහ මාධ්‍යවේදීන් 189 ක් මානව හිමිකම් කි‍්‍රයාකාරීන් 85 ක් ව්‍යාපාරිකයන් 64 ක් ඇතුළු විවිධ පාර්ශ්වවල දුරකථන ඇමතුම්වලට අදාළ තොරතුරු හෙළිවී ඇත.

 මේ අතර ප‍්‍රංශ ජනාධිපති මාර්කොන් සහ ඉන්දීය විපක්‍ෂ නායක රාහුල් ගාන්ධිගේ ජංගම දුරකථන දෙකේ තොරතුරු ද අනාවරණය වී තිබේ. මෙම පෙගසස් මෘදුකාංගය තුළින් අයිෆෝන් ජංගම දුරකථන හා ඇන්ඩ්‍රොයිඞ් දුරකථන ඔස්සේ හුවමාරුවන පණිවුඩ ඡුායාරූප සහ විiුත් පණිවුඩ පමණක් නොව කතාබහ පවා පටිගත කළ හැකිය. මේ අතර සීඑන්එන්, අල් ජසිරා සහ නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍ය ආයන තොරතුරු ලබාගන්නා අයුරුද පෙගසස් මෘදුකාංගය ඔස්සේ හෙළිවී ඇත. අසර්බයිජානය, බහරේන්, හංගේරියාව, ඉන්දියාව, කසකස්තානය, මෙක්සිකෝ, මොරොක්කෝ, රුවන්ඩා, සෞදි අරාබියාව, එක්සත් රමීර් රාජ්‍යය යන රටවල් පෙගසස් මෘදුකාංගයේ ඉලක්කය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment