ඊසානදිග බ්‍රසීලයේ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් සියයකට අධික පිරිසක් මරුට

201

ඊසානදිග බ්‍රසීලයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. වර්ෂාවත් සමගම කඩා වැටුණු මඩ තට්ටුවක් හේතුවෙන් බ්‍රසීලයේ පර්නම්බුකෝ ප්‍රාන්තයේ ‘රෙසිෆෙ’ නගරයට දැඩි හානි සිදු වී ඇති අතර ප්‍රාන්තයේ වැසියන් දාහතර දෙනකු මේ වන විට අතුරුදන් වී ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.බ්‍රසීල ජනාධිපති ජයිර් බෝල්සොනාරෝ විසින් මෙම ජල ගැලීම් හේතුවෙන් විපතට පත් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසිය දහයක මුදලක් වෙන් කරන බවට ප්‍රතිඥා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment