ඊසානෙන් උදාවන අවුරුදු සිරිත්

164

2023 නව වසර පසුගිය වසර වලට වඩා යහපත් වසරක් බවට පත්කරවා ගැනීමට අපි හැමෝම කැමැතියි. අදට වඩා යහපත් හෙටක් සැමගෙ බලාපොරොත්තුව. වසරේ අවසාන දවස් කීපය සෑම නිවසක්ම පිරිසිදු කරන පිළිවෙළ කරන දවස් කීපය බව නොරහසක්. ඒ නිසාම මෙවර ජ්‍යොතිෂයට වඩා වාස්තු විද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳව අපි අවධානය යොමු කළා.

නිවසක් පිරිසිදු කිරීමේදී, එහි තිබූ පැරණි දේ කැඩුණු බිඳුණු දේ වෙනම ස්ථානයක එකතු කිරීම සාමාන්‍ය සිරිතක්. එය සමහර විට ගබඩා කාමරයද විය හැකියි. සමහර විට තාවකාලික ගොඩගැසීමේ මධ්‍යස්ථානය විය හැකියි.

එම භාණ්ඩ නැවත පිළිසකර කර භාවිත කිරීම හෝ වෙනත් නැතිබැරි අයෙකුට දීම වැනි අදහස් මත එසේ එකතු කර තබන අවස්ථා ඕනෑ තරම් පවතී. කෙසේ වෙතත් මෙසේ එකතු කරන ඉවත් කිරීමට අපේක්‍ෂිත හෝ කැඩුණු භාණ්ඩ කිසිම විටෙක නිවසේ ඊසාන දිශාවේ තබන්න එපා. එය ඉතාම අශුභයි.

නව වසර ශුභ කරගැනීමට ඔබ ප්‍රථමයෙන්ම ඊසාන දිශාව ඉතා පිරිසිදු කලාපයක් බවට පත් කළ යුතුයි. එහි කිසිදු අපිරිසිදු යමක්, කැඩුණු යමක් තියන්න එපා. එමෙන්ම යම් හෙයකින් එසේ කැඩුණු බිඳුණු ද්‍රව්‍ය ඇත්නම් ඒවා සියල්ල වයඹ දිශාගත කොටසක තැබීම යෝග්‍ය වනු ඇත.

කෙසේ වෙතත් තම නිවස පිළිවෙල කිරීමේදී උතුර, ඊසාන, නැගෙනහිර කලාපවලට වැඩි ඉඩක් ලබා දිය යුතුම වේ. තවද සමාජයේ කීර්තිමත් බව පවත්වාගෙන යෑමට දකුණු නිරිත දිශා බල අවශ්‍ය වේ. එබැවින් දකුණ නිරිත ද සහිතව සමස්ත නිවසම පිරිසිදු විය යුතුයි.

එමෙන්ම ඊසාන දිශාවේ බුදුපහන තැබීම, දේවපහන් තැබීම සාර්ථක ක්‍රමවේදයකි. තවද ඊසාන දිශාව, ළිඳ, වතුර මූලාශ්‍ර ආදීන්ටද ඉතා ශුභයි. ඔබේ නිවසේ වාලම්පුරි වැනිf ද් තිබේ නම් ඒවාද ඊසාන දිශාවෙහි තැබීමෙන් ශුභඵල ලබාගත හැක.

සම්ප්‍රදායානුකූලව කිරි ඉතිරිවීම වන්නේ අප්‍රේල් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වුවත් දින 365 ක නිමාවත් ලෙස ලොව පිළිගත් ජනවාරි 01 වැනිදාත් කිරි ඉතිරිවීම මේ වනවිට සමාජ ගතව අවසන්. කෙසේ වෙතත් මෙවර එසේ කිරි උතුරවන අපට 31 වන සෙනසුරාදා රාත්‍රී 12.01 ටත්, 01 වැනිදා උදෑසන 6.23 ටත් කිරි ඉතිරිවීමේ හැකියාව පවතී.

මෙහිදී යොදාගන්නේ මධ්‍යම රාත්‍රිය ගෙවී නව වසර උදාවීම ලෙස රාත්‍රී 12.01 යොදාගැනීම එක් ක්‍රමවේදයකි. දෙවන ක්‍රමවේදය වන්නේ 01 වැනිදා පළමු ඉර අව්ව නැතහොත් සූර්ය උදාව සිදුවී මිනිත්තු 02 ක් තුළ කිරි ඉතිරවීමට අදාළ ලිප ගිනි දැල්වීමයි. කෙසේ වෙතත් මෙවැනි ක්‍රම තුළින් නිවසට ආයතනයට සෞභාග්‍ය ළඟාකර ගත හැක. කිරි ඉතිරි විය යුත්තේ ප්‍රධාන දොරට පේන සීමාවේ සාලය තුළයි.

ඊසානෙන් උදාවන අවුරුදු සිරිත්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment