ඊ ටී එෆ් ගම්පහ කාර්යාලයේ කෝටි ගාණක මුදල් වංචාවක්

224

සේවක භාරකාර මණ්ඩලයට අයත් ගම්පහ කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අරමුදලේ දායකත්වය දරන සේවකයින්ගේ මුදල් රුපියල් කෝටි ගණනක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සේවක භාරකාර මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛi නිහාල් ජයතිලක මහතාගෙන් ‘දිවයින’ ඊයේ (27 දා) කළ විමසීමේදී වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බව පැවසීය. තමා මණ්ඩලයේ සභාපති ලෙස ළ`ගදී වැඩ භාරගත් බවත් එහි කළමනාකාර අධ්‍යක්‍ෂ ප‍්‍රිමාල් පෙරේරා මහතාගෙන් වැඩිදුර කරුණු විමසන ලෙසත් ජයතිලක මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ප‍්‍රිමාල් පෙරේරා මහතාගේ ජංගම දුරකථනයට කතාකර තොරතුරු ඉල්ලා සිටියත් මාධ්‍යවේදියාගේ දුරකථන අංකය ඉල්ලාගෙන තොරතුරු ලබාදෙන බව ප‍්‍රකාශ කළේය. පැය කිහිපයක් යනතෙක්

ඔහුගෙන් තොරතුරක් නොලැබීම නිසා ස්ථාවර දුරකථනයෙන් සහ ජංගම දුරකථනයෙන් ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

සේවක භාරකාර අරමුදලට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප අනුව ආයතන විසින් එක් සේවකයකු යනුවෙන් සියයට තුනක මුදලක් බැර කරනු ලැබේ.

ගම්පහ කාර්යාලයේ නිලධාරීන් විසින් මියගිය සේවකයින්ගේ සහ අවුරුදු 55 සම්පූර්ණ වී අරමුදල් ලබානොගත් සේවකයින් ඇතුළු විවිධ අයගේ සේවක භාරකාර අරමුදලේ මුදල් වංචනිකව ලබාගෙන ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කාර්යාලයේ සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කර ඇති අතර කොළඹ ප‍්‍රධාන කාර්යාලයේ කිහිපදෙනෙකුද මෙම වංචාවට සම්බන්ධ වී ඇති බවට සැක කෙරේ.

මෙම වංචාව සම්බන්ධයෙන් ආයතනයෙන් නිසි විමර්ශනයක් සිදුනොවන බවත් විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදිය යුතු බවත් එම අරමුදලේ ඇතැම් නිලධාරීන්ගේ අදහස් වී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment