ඊ. පී. එෆ්. දාපුගමන් එස්. එම්. එස්. එකක් නීතිය සම්මතයි

644

පෞද්ගලික අංශයේ සේවක, සේවිකාවන් වෙනුවෙන් අදාළ රැකියා ආයතනය ඔවුනට හිමි මාසික අර්ථසාධක අරමුදල් බැර කළ විගස ඒ බව දන්වමින් මාසිකව එස් එම් එස් පණිවුඩයක් මගින් සේවකයා දැනුවත් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා* සම්මත කෙරිණි.

අදාළ සංශෝධනය කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරන ලදී.

ඊට අදාළව නව සේවකයකු රැුකියාවට බැඳී ප‍්‍රථම මාසය තුළම ඔහුට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හිමිකම් ලැබීම වෙනුවෙන් නීතියක්ද ඊයේ දින සම්මත විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ මෙසේ පැවසීය.

සේවක අර්ථසාධක අරමුදලට හිමිකම් කියපු සේවකයකුට ඒ හාම්පුතා විසින් මාසයකට අදාළ මුදල් බැර කළාද නැද්ද කියලා බලා ගන්න පුලූවන්. මහ බැංකුවට යන්න වෙනවා. ඇවිල්ලා ඒ පොත්පත් බලන්න වෙනවා. මගේ මුදල් ඇවිල්ලද කියලා බලන්න වෙනවා. දැන් තම අර්ථසාධක අරමුදල් ඒ මාසයට බැර කළ වහාම එස්. එම්. එස්. පණිවුඩයක් ලැබීමට සලස්වනවා. ඒක ඒ දවස්වල තිබුණේ නෑ. ඒ තාක්‍ෂණික මෙවලම්වලට අදාළව, නවීන තාක්‍ෂණයට අදාළවන පරිදි අපි නීති වෙනස් කළ යුතුයි. නවීන, කාලීන වෙනස්කම් සිදු කිරීම කළ යුතුයි.

ඒ වගේම යම් සේවකයකු රැුකියාවට බැඳුණු පසුව මාස ගණන් සේවක අර්ථසාධක අරමුදල් බැර නොකර ඉන්නවා. පැරණි පනතෙන් යම් නිශ්්චිත කාලයක් සටහන් කළෙත් නෑ. ඒක නිසා නව සේවකයකු

රැුකියාවට බැඳුණු මුල් මාසය තුළම සේවක අර්ධසාධක අරමුදලට හිමිකම් කීමට අදාළව යෝජනාවකුත් අද අපි ගේනවා.

අකිත පෙරේරා- රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment