උක් ටොන් එකකට රු. 2000 ක් වැඩි කරන්නැයි සෙවණගල සීනි සමාගම ඉදිරිපිට ගොවි විරෝධතාවක්

199

රු. 500 ක් දුන්නා තවදුරටත් වැඩි කරන්න බෑ – පාලනාධිකාරිය

උක් ටොන් එකකට රුපියල් 2000 ක් වැඩිකර දෙන ලෙස ඉල්ලා සෙවණගල ලංකා සීනි සමාගමේ පාලනාධිකාරියට බල කරමින් උක් ගොවීන් 600 කට ආසන්න පිරිසක් පෙරේදා (03 දා) සෙවණගල ඩංඩුම මංසන්ධිය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

පසුව පිරිස සෙවණගල ලංකා සීනි සමාගම ඉදිරියට ගොස් විරෝධතාවයේ නිරත විය. එහිදී පාලනාධිකාරිය සමග සාකච්ඡුාවකට කිහිප දෙනෙකුට අවස්ථාවක් ලැබුණු අතර සාකච්ඡුා අසාර්ථක බව උක් ගොවීහු පැවසීය. ගොවීන් ප‍්‍රකාශ කරන්නේ තමන් උක් වගාවෙන් ඉවත් වීමට කටයුතු කරන බවයි.

උක් ටොන් එකකට රු. 2000 ක් වැඩි කරන්නැයි  සෙවණගල සීනි සමාගම ඉදිරිපිට ගොවි විරෝධතාවක්

උක් ටොන් එකකට රුපියල් දෙදහසක් වැඩි කරන තුරු තම උක් වගාවේ අස්වැන්න සෙවණගල ලංකා සීනි සමාගමට නොදෙන බවට සෙවණගල ගොවි සංවිධාන මාධ්‍ය හමුවක් පවත්වමින් ඉකුත් 25 දා ප‍්‍රකාශ කළේය. එයට පිළිතුරු ලබා දෙමින් සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය එදිනම පස්වරුවේ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වනු ලැබීය. එම අවස්ථාවට අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත‍්‍ර, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන්, සාමාන්‍යාධිකාරි කේ. ඒ. වෝල්ටර්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.

ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ දැනටමත් ටොන් එකක් සඳහා රුපියල් 500 ක් වැඩි කර ඇති බවයි. ගොවීන්ගේ ඉල්ලීම පරිදි මිල වැඩි කළ නොහැකි බවත්, එසේ වුවහොත් කර්මාන්ත ශාලාව වසා දැමීමට සිදුවන බවත්ය.

සූරියවැව – රොෂාන් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment