උකුල් ඇට සන්ධියෙන් එන වේදනාවට බලපාන හේතු

2683

වේදනාවට ප‍්‍රතිකාර නොකර රෝගයට ප‍්‍රතිකාර ගැනීමෙන් ඔබට නිසැකවම සුවය ලැබීම සිදුවනු ඇත

 අද සමාජයේ තරුණ වැඩිහිටි බොහෝ දෙනෙක් මැසිවිලි නගන වේදනා විඳින රෝගී තත්ත්වයක් ලෙස උකුල් ඇට සන්ධි වේදනාව හඳුන්වා දීමට පුළුවන. උකුල් ඇට සන්ධිය නිර්මාණය වී ඇත්තේ අපේ ශරීරයේ බර දරා සිටින උකුල් පෙදෙස විශාල පැතලි අස්ථිය එනම් ශ්‍රෝණි මේඛලාවේ ගෝල කුහරට කලව ප‍්‍රදේශයට අයත් ශරීරයේ දිගම අස්ථිය වන ඌරව අස්ථිය හිස සම්බන්ධ වීමෙනි. එය අපි උකුල් ඇට සන්ධිය ලෙස හඳුන්වනවා.

 උකුල් ඇට සන්ධි වේදනාවට හේතු සාධක මොනවාද?

 උකුල් ඇට සන්ධියක දැනෙන වේදනාව විවිධාකාරය.

 පුද්ගලයාගේ ආවේනික ශාරීරික ක‍්‍රියාදාමය අනුව විවිධාකාර හේතු සාධක තිබෙනවා. වේදනාව දැනෙන ආකාරය හා ස්ථානය අනුව බොහෝ දුරට හේතුව පරීක්ෂණයකට ප‍්‍රථම අනුමාන කළ හැක. වේදනාව ගෙනදෙන ස්ථාන 4කින් එය විග‍්‍රහ කළ හැක.

 ආතරයිටිස් නිසා ඇතිවන වේදනාව Anterior Hip Pain

 ඉකිලි ප‍්‍රදේශයේ මෙම වේදනාව හටගනී. හේතු සාධක කිහිපයක් පවතී. මෙහිද ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස් හෝ රුමටොයිඞ් ආතරයිටිස් නිසා චලනයට අපහසු විය හැක. ඉදිමීම ද ඇති විය හැක. ඒ වගේම කලව දිගේ පහළට වේදනාව ගෙනදිය හැක. එනම් උකුල් ඇට සන්ධිය කාටිලේජ් ගෙවීයාම, දිරායාම, තදවීම, ඇදවීමත් ගෙන දෙන මේ ආතරයිටිස් වර්ගයක් හේතු සාධකයක් වීමට පුළුවන. වැඩිපුර පරීක්ෂණ X ray, Dexa Scan මගින් අපට තහවුරු කරගත හැක.

 උකුලේ ඇති කරවන කම්පනය Labral tear

 උකුල් ඇට සන්ධිය නිර්මාණය වී තිබෙන බෝලය හා සොකට් එකකිනි. සොකට් එක ඇසිමබියුලම ලෙස හඳුන්වන අතර බෝලය යනු කලව අස්ථියේ හිසය. මෙම ඇසිමබියුලම ආවරණය කරන මෘදු පටකය labrum තුවාල වීමෙනි. උකුලේ ඇති කරවන කම්පනයත් මෙම ඉදිමීමට හේතු වනවා. විශේෂයෙන්ම පාපන්දුවල නිරත වන අයට මෙහි බලපෑම බොහෝ වැඩිය. මෙවැනි තත්ත්වයකදී ඉකිලි ප‍්‍රදේශයේ වේදනාව ගෙනදිය හැක.

 රුධිර සැපයුම බාධා ඇතිවීම Avascular Necrosis

 උකුල් ඇට සන්ධියට විශේෂයෙන් ඌර්වස්ථිය හිස ප‍්‍රදේශයට රුධිර සැපයුම බාධා ඇතිවීමට පුළුවන. එවිට රුධිර සැපයුම අත්හිටුවන විට අස්ථි පටක මියයන අතර අස්ථි බිඳ වැටේ. මෙවැනි තත්ත්වයකදී ඉකිලි ප‍්‍රදේශයේ වේදනාව ගෙනදිය හැක. ඇවිදීමට බාධා ඇතිකර චලනය අපහසු කරවයි. දිගු කාලීන කෙෆෙටිකොස්ටිරොයිඞ් භාවිතය, දිගු කාලින මත්පැන් භාවිතය හා අස්ථි බිඳීම්වලට ලක්වූවන් බොහෝදුරට මෙම තත්ත්වයට පත්වීමට බලපෑම වැඩිය.

 අස්ථි දිරායාම (Osteoporosis)

 උකුල් ඇට සන්ධිය අස්ථි පටකවල ඝනත්වය අඩුවීම මෙහිදී සිදුවේ එය දිරායාමයි. පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශවයේ දිරායාම ඉහළ ප‍්‍රවණතාවක් දරනවා. එයට හේතු ලෙස කාන්තාවන්ගේ ආර්ථවහරණයත් සමග ඊස්ට‍්‍රජන් හෝර්මෝනය අඩුවීම, අස්ථි මත ඛනිජ ලවණ, ප්‍රෝටීන් තැන්පත් වීම අඩුවීම වනවා. එනම් විශේෂයෙන්ම කැල්සියම්, පොස්පරස් (P) මැග්නීසියම් (Mg) සින්ක් (Zn) විටමින් A විටමින් D ආදිය වේ. තවද වයස්ගත වීමත් සමගද දිරායාම ඇති විය හැක. තයිරොයිඞ් ග‍්‍රන්ථියේ හෝර්මෝන අසමතුලිත වීම ප‍්‍රධාන ලෙස අස්ථි දිරායාමට බලපෑමක් ඇති කරයි. Prednisolone, Heparin වැනි ඖෂධ දිගුකලක් භාවිතය බලපෑමක් ඇති කරනු ලැබේ.

 මෙවැනි තත්ත්වයට පත්වීම මුලින් වේදනාව, ඉකිලි ප‍්‍රදේශයේ පෙන්නුම් කරන අතර පසුව ඇද වීමත් ඒ වගේම වැටීමකදී උකුල් ඇට සන්ධිය බිඳී යාමට ද පුළුවන. ඉකිල් ප‍්‍රදේශයේ එන වේදනාව Inguinal hernia තත්ත්වයකදී ද ඇතිවිය හැක. නමුත් උකුල් ප‍්‍රදේශයේ එන අපහසුකමත් සමග නිවැරදිව වෙන්කර හඳුනාගත හැක.

 මාංශ පේශ ආබාධවීමෙන් Lateral hip pain

 උකුල් සන්ධිය වම් පැත්ත, දකුණු පැත්ත යන ආකාරයෙන් වේදනාව හටගැනීම එයට හේතු සාධකය ලෙස උකුල් සන්ධිය ආවරණය කරන මාංශ පේශි ( (gluteus medius, gluteus minimus) ඉරීමකට ලක්වීම නිසා මෙම වේදනාකාරී තත්ත්වය ඇතිවේ. කශේරුකාවල ඇතිවන ඇදගතිය (scoliosis) තත්ත්ව මේ තත්ත්වය ද හදිසි අනතුරු තත්ත්වයද මේ තත්වයට බලපෑම් ඇති කරයි.

 සුෂුම්නාවේ ඇතිවන වෙනස්කම් නිසා Posterior hip pain

 උකුල් ඇට සන්ධිය පසුපසට තට්ටමේ ඉහළ කොටස වේදනාව හටගනී. මෙයට බොහෝ හේතු වන්නේ සයටික ස්නායුව සුෂුම්නාව පටන්ගන්නා කශේරුකා අතර (L3,L4,L5) සුෂුම්නාවේ ඇතිවන වෙනස්කම් නිසාය. මෙය චසරසදෙරපසි ිහබාරදපැ ලෙස හඳුන්වනු ලැබේ.

 කශේරුකා අග කොටසෙහි ඇතිවන වෙනස්කම් නිසා ත්‍්ර චදිඑැරසදර යසච ච්සබ

 තට්ටමට පහළට වෙන්න මෙම වේදනාව හට ගනී. උකුල් ඇට සම්බන්ධ ි්ජරදසකස්ජ වදසබඑ හා කශේරුකා අග කොටසෙහි ඇතිවන වෙනස්කම් නිසා වේදනාව හට ගනී. ඒ වගේම ඒ ආශ‍්‍රිත සම්බන්ධ කන්ධරා, බන්ධනීවල ඇතිවන ප‍්‍රදාහ තත්ත්ව නිසාද වේදනාව හටගනී. තවද කිවයුතු ප‍්‍රධානම කාරණාව උකුල් ඇට පිළිකා නිසා ද වේදනාව හටගනී. එහිදී වේදනාව, ඉදිමුම, දැවිල්ල, තෙහෙට්ටුව, ඔක්කාරය, රාත‍්‍රියට දහඩිය දැමීම මෙන්ම කකුල චලනය කිරීමේ අපහසුතාව සමග බර අඩුවීම ද සිදුවිය හැක.

 උකුල් ඇට සන්ධිය ආශ‍්‍රිත රෝග ලක්ෂණ

 * ප‍්‍රධාන ලෙස වේදනාව (කලව, තට්ටම, උකුල් පෙදෙස) x ඉදිමුම x චලන ක‍්‍රියාකාරිත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් අපහසු වීම

 x උකුලේ සිට පාද දිගේ එන වේදනාව x උකුල් පෙදෙස ව්‍යුහාත්මක වෙනස්කම් දැකීම (ඇදවීම) උකුල් ඇට සන්ධි වේදනාවට වෙනත් සාධක

 x ජානවල තත්ත්ව විශේෂයෙන් බලපානවා x කැල්සියම්, විටමින් D ඌනතාවය. x සැත්කම් මගින් ගර්භාෂ ඉවත් කිරීම x හදිසි අනතුරු x අධික සීනි, අධික ලූණු භාවිතය කැල්සියම් උරාගැනීම අවම කිරීම ද පෝෂණ ඌනතාවය මෙම රෝගී තත්ත්වයන්ට බලපෑමක් ඇතිකරයි.

 හෝමියෝපති ප‍්‍රතිකාර

 ඉතාම සුවිශේෂීව සුවය ගෙන දෙන ක‍්‍රමයකි. වේදනාවට නොව රෝග මූලයට ප‍්‍රතිකාරය සිදුකරයි. එකිනෙකාට පවතින ආවේනික රෝග ලක්ෂණවලට අනුකූලව දෙනු ලබන ඖෂධ ක‍්‍රියාකාරිත්වය රෝග මූලය යථා තත්ත්වයට ගෙන එයි. ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට සෘජුවම බලපෑමක් කර එය උත්තේජනය කර රෝග මූලයට හේතු වූ සාධකය යථා තත්ත්වයට ගෙන ඒම පූර්ණ සුවය එමගින් වේදනාව නැතිව යයි. ඉදිමීම නැතිව චලනය පහසු කරයි. නම්‍යශීලි ගතිය ඇති කරයි. විකෘතිතාව ගෙන දෙන අස්ථි පටක, දුර්වලතා යළි යථා තත්ත්වයට පත්වෙයි. එමගින් පාද දිගේ එන වේදනාව කොන්දේ දැනෙන වේදනාව, ඇදය නැතිව යයි. රෝග මූලයට ප‍්‍රතිකාර කරන විට රෝග සාධනය හේතුව කුමක් වුවත් එය

 යථා තත්ත්වයට ගැනීමයි හෝමියෝපති ප‍්‍රතිකාර මගින් සිදුවන්නේ. එමගින් පූර්ණ සුවයක් ලැබෙනවා. වයස ගැටලූවක් නැහැ. ප‍්‍රතිකාරය නිවැරදි කර ගැනීමටයි අවශ්‍ය වන්නේ. හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය සොයා ගනු ලැබුවේ බටහිර වෛද්‍යවරයෙක් වන වෛද්‍ය හානේමාන් තුමා.

 ඔහුගේ පුරෝගාමිත්වයේ ප‍්‍රතිඵලය මෙවැනි රෝගවලින් දුක්විඳින, පීඩා විඳින බොහෝ දෙනෙකුගේ ජීවිතවලට නිසැක සුවය ගෙනදීමයි. වේදනාවට ප‍්‍රතිකාර නොකර රෝගයට ප‍්‍රතිකාර ගැනීමෙන් ඔබට නිසැකවම සුවය ලැබීම සිදුවනු ඇත.

උකුල් ඇට සන්ධියෙන් එන වේදනාවට බලපාන හේතු
advertistmentadvertistment
advertistmentadvertistment