උකුස්සෝ බඹරය අවුස්සති – බඹරු ජීවිතයක් බිලි ගනිති

237

බඹර ප‍්‍රහාරයක් එල්ලවීමෙන් තිදරු පියකු ජීවිතක්ෂයට පත් වී ඇති බව නෝටන්බි‍්‍රජ් පොලිසිය පැවසීය. මෙසේ බඹර ප‍්‍රහාරයෙන් මියගොස් ඇත්තේ නෝටන්බි‍්‍රජ් ටැප්ලෝ ජනපදයේ පදිංචි ඒ.වී. පොඩිමහත්තයා නමැති (67) හැවිරිදි අයෙකි.

මරණකරු එදින උදෑසන 10.30 ට පමණ ටැප්ලෝ ප‍්‍රදේශයේ පිහිටි වෙළෙඳ සලට ගොස් නිවසට ආහාර ද්‍රව්‍ය රැුගෙන එමින් සිටියදී වෙළෙඳ සල අසල ගසක බැඳ තිබූ බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනීමට උකුස්සකු පහර දීමත් සමග ඇවිස්සුණු බඹරුන් දැඩි ලෙස පහර දී තුවාල සිදු කිරීම හේතුවෙන් ඔහු මරණයට පත් වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.

බඹර ප‍්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ තිදරු පියා වටවල ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නෝටන්බි‍්‍රජ් පොලිසිය කියා සිටී. මියගිය තිදරු පියාගේ

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතය.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment