උගන්ඩාවේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට සම්බන්ධ පහක් මරා දමයි

308

ඉකුත් අඟහරුවාදා (16දා දිනයේ උගන්ඩාවේ කම්පාලා අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් දෙකට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් 05 දෙනකු උගන්ඩාවේ ආරක්ෂක හමුදාවන් විසින් වෙඩි තබා මරා දමා තිබේ. එම ප‍්‍රහාරයන්ට සම්බන්ධ තවත් පුද්ගලයන් 22 දෙනකු ආරක්ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 ඉකුත් අඟහරුවාදා කම්පාලා නගරයේ සිදු වූ බෝම්බ ප‍්‍රහාරයෙන් 03 දෙනකු මිය ගිය අතර තවත් 33 දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. මෙම ප‍්‍රහාරයන්හි වගකීම අයිසිස් අන්තවාදී කණ්ඩායම විසින් භාරගෙන තිබිණි. ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යතුරුපැදි වලින් පැමිණ තිබූ අතර ඔවුනට නැගෙනහිර කොංගෝවේ පසුගිය කාලයේ සිවිල් වැසියන් දහස් ගණනක් මරා දැමීමේ චෝදනා එල්ල වී ඇති ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒකාබද්ධ හමුදාව’ යන සන්නද්ධ කණ්ඩායම සහාය දක්වා ඇති බව උගන්ඩා රජය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment