උගන්ඩාව ලෝක කුසලාන පළමු ජය ලබයි

612

2024 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය ලෙස පැවැති උගන්ඩාව සහ පැපුවානිව්ගිනියා කණ්ඩායම අතර තරගයෙන් පැපුවානිව්ගිනියාව පරදා කඩුලු 3ක ජයක් වර්තා කිරීමට උගන්ඩාව සමත්විය. ගයානාහිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පැපුවානිව්ගිනියා කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 77ක් පමණි.

පිළිතුරු ඉනිම සඳහා උගන්ඩාව පන්දු වාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 78ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව උගන්ඩාව ලෝක කුසලාන තරගයකදී වාර්තා කළ ප්‍රථම ජයග්‍රහණය ලෙස මෙය වාර්තා අතරට එක්විය. උගන්ඩා කණ්ඩායමේ රිෂාට් අලී තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලකුණු සාරාංශය

පැපුවානිව්ගිනියාව පන්දු වාර 19.1 තුළ සියලු දෙනා දැවී ලකුණු 77 යි.

හයිරි 15, ලෙගා සිඅකා 12, කිප්ලින් ඩොරිගා 12.

(අල්පේෂ් රම්ජනී 17-2, කොස්මස් කියුටා 17-2, ජුමා මියාගි 10-2, ප්‍රෑන්ක් නසුබුගා 4-2)

උගන්ඩාව පන්දු වාර 18.2ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 78යි.

රිෂාට් අලී 33, ජුමා මියාගි 13,

(අලියි නාඔ 16-2, නෝමන් වනුඅ 19-2, චඩ් සොපර් 13-1, අෂාඩ් වලා 10-1)

advertistmentadvertistment
advertistmentadvertistment