උඩගිය නැව් ගාස්‌තු පහළ නොඑයි: භාණ්‌ඩ මිල වැඩිවන ලකුණු!

396

දැනට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන නැව් ගාස්තු තවත් කලක් එලෙසම පවතිනු ඇති බවත් එය ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමට හේතු වන බවත් ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පවසති.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ලෝක වෙළෙඳ පොළේ ඉහළ යෑමට අමතරව මෙසේ ගෝලීය නෞකා

ගාස්තු ඉහළ යෑමේ පිරිවැය ද අතිරේක වශයෙන් ආනයනික භාණ්ඩ මිල ගණන්වලට ඍජුවම බලපානු ඇතැයි ද ඔවුහු සඳහන් කරති. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ලෝක වෙළෙඳ පොළේ ගණන් මෙන්ම ඉන්ධන සහ ගෑස් ඇතුළු බලශක්ති මිල ගණන් ද පසුගිය වසරට සාපේක්‍ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් ඉන්ධන මිල ගණන් ඉහළ යෑම නිසා මේ වසරේ (2021) පළමු මාස අටේදී ශී‍්‍ර ලංකාවේ ඉන්ධන ආනයන වියදම්

ගිය වසරේ පළමු මාස අටට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 704.7 කින් ඉහළ ගොස් තිබේ. මේ නිසා ඉදිරි කාලයේදී තවදුරටත් සැලකිය යුතු මිල පීඩනයකට මුහුණ දීමට ජනතාවට සිදුවනු ඇති බවද එම ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ තවදුරටත් පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment