උඩදියලු‍ම දී වනඅලි ප්‍රහාරයකින් මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

964

උඩදියලු‍ම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියගේ පෙම්වතා මෙම මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කරුපයියා ජීවරාණි මහත්මිය නියෝග කළාය.

පසුගිය මැයි මස 11 වැනිදා පස්වරුවේ කොස්ලන්ද දියලු‍ම දිය ඇල්ලේ උඩදියලු‍ම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ රාත්‍රිය ගත කරන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි වල්අලියකු- පහරදීමෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ තරුණයාගේ පෙම්වතිය මියගොස් තිබිණී. එහිදී තුවාල ලැබූ පෙම්වතා වූ රිමාන්ඩ්භාරයට පත් තරුණයාද රෝහල් ගතකර ප්‍රතිකාර කරනු ලැබීය. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් කොස්ලන්ද පොලීසිය විසින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසීයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ඩී. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලිසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
බණ්ඩාරවෙල කරුණාරත්න පල්ලේගම

advertistmentadvertistment
advertistmentadvertistment