උඩප්පුව පොලිසියේ ක්‍රයිම් ඕඅයිසී නිවසේදී එල්ලී දිවි නසා ගෙන

152

උඩප්පුව පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් ජයන්ත මහතා සිය නිවසේදී ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබේ.

ඉකුත් 01 දින අලුයම ඔහු මෙසේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය පවසයි.

පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි අපරාධ අංශ ස්ථානාධිපති සරත් ජයන්ත මහතා 55 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු සිය රාජකාරි අවසන් කර 1 දින අලුයම නිවසට ගොස් ඇති බවත් ඉන්පසුව මෙම සිද්ධිය සිදුව ඇති බවත් පැවසේ.

ආරච්චිකට්ටුව පොලිසියේ රාජකාරි කර ඇති මෙම උප පොලිස් පරීක්ෂකවරයා මීට වසරකට පෙර උඩප්පුව පොලිසියේ සේවයට පැමිණ ඇත. මරණය සම්බන්ධව හලාවත මූලික රෝහලේදී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

අමරනන්ද විජේසේකර – මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment