උඩරට සහ පහතරට එළවළු ගිනිගණන්

405

දේශීය වෙළෙඳ පොළේ උඩරට සහ පහතරට එළවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙළෙඳුන් කියා සිටියි.

ඉකුත් සතියේ කිලෝවක් රු. 100 කට අලෙවි වූ තක්කාලි ඊයේ (27) වන විට රු. 600 ක මිලකට අලෙවි වන බවත්, ගෝවා කිලෝවක් රු. 150 ක මිලකට සහ අළු කෙසෙල් කිලෝවක් රු. 120 කට අලෙවි වන බවත් ඔවුහු කියා සිටිති. උඩරට සෑම එළවළු කිලෝවක්ම රු. 400 – 550 අතර මිලකට අලෙවි වන බවත්, මාළු මිරිස් කිලෝවක් රු. 850 වැනි මිලකට අලෙවි වන බවත් පෙන්වා දෙන ඔවුන් පහතරට සෑම එළවළු කිලෝවක්ම රු. 300 – 450 අතර මිලකට අලෙවි වන බවත්, දෙල් ගෙඩියක් රු. 120 සිට රු. 250 දක්වා ඉහළ මිලකට අලෙවි වන බවත්, මඤ්ඤොක්කා කිලෝවක් රු. 120 කටද මදුළු ගැලවූ කොස් කිලෝවක් රු. 150 වැනි මිලකට අලෙවි වන බවත් එම වෙළෙන්දෝ කියා සිටියහ.

එළවළු තොග මිල ඇතැම් ස්ථාන වල අඩු වුවද එළවළු ප්‍රවාහනය කිරීම සඳහා ඉහළ ගිය ඩීසල් මිල හමුවේ විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇති බවත්, එම තත්ත්වය මත සහ දේශීය වෙළඳ පොළේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් ගොවීන්ට ලබාදීමට නොහැකි නිසා මෙසේ ඇතැම් එළවළු මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් කියා සිටියහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment