උඩින්ම බුද්ධික දෙක අනුර… මන්ත‍්‍රීලා 11 ක් හොඳයි… 12 කගේ පැමිණීම නරකයි!

576

වත්මන් අටවැනි පාර්ලිමේන්තුවට පත් වූ මන්ත‍්‍රීවරු 11 දෙනකු ගත වූ වසර තුළ පැවති සියලූම පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වී ඇති අතර මන්ත‍්‍රීවරුන් 12 දෙනකු ඉතා අඩු පැමිණීමක් පෙන්නුම් කර ඇතැයි මන්ත‍්‍රී ඩොට් එල්. කේ. වෙබ් අඩවි වාර්තා අනුව අනාවරණය වී ඇත.

මේ වන විට වත්මන් පාර්ලිමේන්තුවට පත් වී වසරක් සපිරෙන විට චමින්ද විජේසිංහ, ගයන්ත කරුණාතිලක, ගයාෂාන් කාවින්ද, හේෂා විතානගේ, ජගත් කුමාර, ලක්‍ෂ්මන් කිරිඇල්ල, සුදත් මංජුල, සාගර කාරියවසම්, මධුර විතානගේ, උපුල් රාජපක්‍ෂ, යදාමිණී ගුණවර්ධන යන මන්ත‍්‍රීවරුන් සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම නොකඩවා පැමිණ ඇත.

ආර්. සම්බන්ධන්, විජයදාස රාජපක්‍ෂ, පී. දිගම්බරම්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, විමල් වීරවංශ, ටිරාන් අලස්, එස්. නෝහරාදලිංගම්, දිළුම් අමුණුගම, ජීවන් තොණ්ඩමන්, ශිවනේෂතුරෙයි චන්‍ද්‍රකාන්තන්, මහින්ද සමරසිංහ, අබ්දුල් හලීම් යන මැති ඇමැතිවරු අඩුවෙන්ම පාර්ලිමේන්තු පැමිණි අය වෙති.

මේ අතර ගත වූ වසර තුළ සක‍්‍රීයම මන්ත‍්‍රීවරයා ලෙස සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා නම් කර ඇති අතර එහි දෙවැන්නා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ලෙස එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment