උඩුවිල් හි මහේන්ද්‍ර රාසාට යුද හමුදාවෙන් නව නිවසක්

453

යාපනය උඩුවිල් ප‍්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී මහේන්ද්‍ර රාසා අමිර්තමලර් මහත්මිය වෙත ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ශ‍්‍රම දායකත්වය මත ඉදිකළ නව නිවස ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් හින්දු චාරිත‍්‍රානුකූලව ප‍්‍රදානය කරන ලදී.

මෙම නව නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ඇමරිකන් සිලෝන්මිෂන් දේවස්ථානය විසින් සිදුකරන ලද අතර 51 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් එයට ශ‍්‍රමදායකත්වය ලබාදෙන ලදී.

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය බල ප‍්‍රදේශය තුළ වාසය කරන සිවිල් ජනතාව වෙත යුද හමුදා මූල්‍ය හා ශ‍්‍රම දායකත්වය මත මේ වනවිට නිවාස 748ක ප‍්‍රමාණයක් ඉදිකර දී ඇත. තවදුරටත් නිවාස 6ක් ඉදිකිරීම් කටයුතු සිදුවන අතර එක් නිවසක් ඉදිකිරීමට යෝජිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment