උණවටුනේ තුන් නිවුන් දරුවන්ට උදව් කරමු

119

ගාල්ල, උණවටුනේ තුන් නිවුන් දරුවන් ලැබූ මවක් අසරණ තත්ත්වයට පත්ව ඇත.

උණවටුන, මහගෙදර වත්ත පදිංචි පී. කේ. ප්‍රදීපා මධුෂානිට මෙම තුන් නිවුන් දරු උපත සිදුව ඇත්තේ මහමෝදර ශික්ෂණ රෝහලේදීය. සිසේරියන් සැත්කමකින් එළිය දුටු මෙම දරුවන් තිදෙනා අතර පුතුන් දෙදෙනෙක් සහ දියණියක සිටී. මෙම ළමුන් තිදෙනාගේ පියා වන මධුරංග පෞද්ගලික ආයතනයක රියැදුරෙක් ලෙස සේවය කළත්, දරුවන් තිදෙනා බලා ගැනීමට කෙනකු නොමැති වීම නිසා  රැකියාවට යෑමේ අපහසුතා ඇතිවීමෙන් රැකියාව අහිමි වී ඇත. මවද රැකියාවක් නොකිරීමෙන් මෙම පවුලට ආර්ථික අපහසුතා රැසක් ඇතිවී ඇත.

මසකට ළදරු පිටිකිරි පැකට්  25 ක් පමණ දැනට අවශ්‍ය වන බවත්, ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුව ඇති නිසා තමන් මහත් අසරණව සිටින බවත්, දැනට දරුවන්ගේ මව, පියා සහ මිත්තණිය විසින් දරුවන් බලාගන්නා බවත් ඔවුන් පවසති.

වංචාවල – ගැමුණු චන්ද්‍රලාල් සහ අහංගම – සුගතපාල දීයගහගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment