උණ්ඩියල් ක්‍රමයට ඩොලර් 47,000 ක් විකිණූ දෙදෙනෙක් STF දැලේ

203

බැංකුගත නොකර උණ්ඩියල් ක්‍රමයට මහ බැංකුව මගින් ප්‍රකාශිත ඩොලරයේ වටිනාකමට වඩා වැඩි වටිනාකමකට ඩොලර් 47,000 ක් අලෙවි කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (13 වැනිදා) බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂ පනස්පන් දහසකට ආසන්න වටනාකමින් යුත් විදෙස් මුදල් විශුද්ධිකරණය කළ බවට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 52 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකි.

මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කිරුළපන පිහිටි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට භාරදී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ උපදෙස් මත එම බළකායේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. ටී. එල්. විජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් කොටුකරගෙන තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment