උණ්ඩියල් ජාවාරම්කරුවකු යූරෝ 50,000ක් සමග මාට්ටු

199


උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 මුදල් නෝට්ටු තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

එම මුදල් තොගයේ මෙරට වටිනාකම රුපියල් මිලියන 18 කට අධික වන අතර
විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ 3හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත

මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත බාරදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment