උණුසුම් තත්ත්වය ජුනි වන තෙක්

117

නිරිතදිග මෝසම සක්‍රීය වනතුරු දැනට පවතින දැඩි උණුසුම ලබන ජුනි මුල් සතිය තෙක් පවතිනු ඇතැයි කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ බුද්ධික බන්දුවර්ධන මහතා කියා සිටී. මෙම දැඩි උණුසුම් තත්ත්වය උතුර, නැගෙනහිර සහ බස්නාහිර පළාතට දැඩි ලෙස බලපා තිබේ. පොළොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය, කොළඹ, පුත්තලම, හම්බන්තොට ආදී දිස්ත්‍රික් සැලකිල්ලට ගැනීමේදී වායුගෝලයේ උෂ්ණත්වය ඉකුත් දින කිහිපයේ දී සෙල්සියස් අංශක 33 ට වැඩි අගයක් සටහන් වී තිබිණි. වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩිවීම හා සුළං තත්ත්වය නොමැති වීම නිසා මෙම දැඩි උණුසුම මෙරටට බලපා තිබේ.
ශිරාන් රණසිංහ – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment