උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව තිබේ නම් දරුවන් පාසල් එවන්න එපා – විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

205

දරුවන් යම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම් ඔවුන් අද (25දා) පාසල් වෙත එවීමෙන් වැළකී සිටින ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය* විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සියලූම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියාය.

දරුවන් පාසල් යැවීමට පෙර මුව ආවරණ, දෙකක් ඇතුළු සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ ලබාදීම වැදගත් බවද ඇය කියා සිටියාය.

තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මෙසේද පැවසුවාය.

දරුවාට උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව තියෙනව නම් පාසල් එවන්න එපා. ඒ ගැන විශේෂයෙන් දෙමාපියන් අවධානය යොමු කරන්න. පුළුවන් තරම් නිවසේදී පිසින ලද ආහාර දරුවාට ලබාදෙන්න.

දරුවා පාසලට යන්නේ වෑන්, ති‍්‍රරෝද රථ හෝ පොදු ප‍්‍රවාහන සේවාවන්වලින් නම් හැකිතාක් දුරස්ථභාවය තබාගෙන යන ලෙසට උපදෙස් දෙන්න.

දරුවන් පාසලට ඇතුළු වීමේදී උෂ්ණත්වය මැන බැලීම, දරුවන්ට දෑස් සේදීමට පහසුකම් සැලසීම විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලයේ වගකීමකි.

පාසල තුළ, පන්ති කාමරය තුළ අනිවාර්යයෙන්ම මුව ආවරණය පැළඳ සිටිය යුතු බවට දරුවා දැනුවත් කිරීම ගුරුවරුන්ගේ වගකීමක්ය. පන්ති කාමරය තුළදී හැකිතාක් දරුවන් එකිනෙකා සමීප නොවන ලෙස හැසිරීමට ඉඩ නොදීමට ගුරුවරුන් වගබලා ගත යුතුයි.

පෑන, පැන්සල, මකනය, පොත් වැනි පෞද්ගලික උපකරණ තනිව භාවිත කිරීමටත් යාළුවන් සමග ඒවා බෙදා හදා

ගැනීමෙන් වළකින ලෙසත් දරුවන්ට උපදෙස් දීම ගුරුවරුන්ගේ වගකීමක්.

ඒ වගේම දරුවන් පාසලට රැගෙන එන කෑම, වතුර බෝතල් යාළුවන් සමග වාඩිවී කන්න බොන්න එපා කියලා උපදෙස් දෙන්න. පාසලට ගොස් නිවසට පැමිණි විට දරුවා ස්නානය කරවා පිරිසිදු කිරීමට දෙමාපියන් වගබලා ගත යුතුයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment