උත්තර සභාවට මහනුවරදී හූ කියති

599

උත්තර සභාව නියෝජනය කරන දේශපාලන නායකයින් ගේ සහභාගිත්වයෙන් අද මහනුවර පුෂ්පාදන ශාලාවේ දී පැවැති රැස්වීමට සහභාගි වී ආපසු යෑම සඳහා පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට පිටත රැඳී සිටි දස දෙනෙකු ගෙන් පමණ විත කණ්ඩායමක් විසින් හූ කියමින් දැඩි විරෝධතාවක් එල්ල කරනු ලැබීය.පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රැස්වීම් ශාලාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ම මෙම පිරිස විරෝධය දක්වා හූ කියන්නට පටන් ගත් අතර ඒ සමඟ උත්තර සභාවට පැමිණ සිටි පිරිස හා ඔවුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.විරෝධතාව මධ්‍යයේ විමල් වීරවංශ මහතා ආරක්ෂකයින් සමඟ වාහනයට නැගී පිටත්ව ගියද පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිසකට ශාලාව තුළින් පිටතට ඒමට නොහැකිව විනාඩි 15 ක පමණ කාලයක් එහි රැඳී සිටීමට සිදුවිය.දෙපාර්ශ්වය අතර කලබලකාරී උණුසුම් තත්ත්වය පවතිද්දීම වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ යන මහත්වරු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වාහන වලට නැගී පිටත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment