උත්සවයකට යන්න ඉල්ලාගත් මාලය උකස්කර ණයක් පියවා හොරු කැඩුවයි කියමින් පොලිසි ගිහිල්ලා!

641

තම ගෙල බැදි රන් මාලය කිසියම් පුද්ගලයකු විසින් මහ මඟදී කඩා ගත් බවට ව්‍යාජ තොරතුරු පොලිසියට ලබා දුන් කාන්තාවකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බැව් බෝගහකුඹුර පොලිසිය පවසයි.

මෙසේ ව්‍යාජ පැමිණිල්ල කර ඇත්තේ වැලිමඩ, දඹවින්න ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. අදාල කාන්තාව බොරලන්ද ආවාස පාරේ ගමන් ගන්නා විට කිසියම් පුද්ගලයෙක් තමන්ගේ

ගෙල බැදි රන් මාලය කඩා ගෙන ගිය බවට පොලිසියට පවසා ඇති අතර මෙම සිද්ධිය සිදුව ඇත්තේ එදින පෙරවරු 9.30 ට බවට අදාල කාන්තාව පොලිසියට පවසා ඇතත් පොලිසියට පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කරන විට සවස 5.30 පමණ වී තිබීම නිසා මේ සම්බන්ධව පොලිසියට සැක සිතී තිබේ. බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.යූ. ප‍්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් සිද්ධිය සම්බන්ධව වැඩි දුර විමර්ශණ ආරම්භ කළ අතර පසුව පොලිසිය විසින් මෙම කාන්තාව ව්‍යාජ පැමිණිල්ලක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. අදාල කාන්තාව වෙනත් කාන්තාවකගෙන් උත්සවයකට

සහභාගී විම සඳහා රන් මාලයක් ඉල්ලා ගෙන ඇති අතර එම මාලය මෙලෙස කිසියම් පුද්ගලයකු විසින් සොරා ගෙන ගිය බවට බොරු පැමිණිල්ලක් කර අදාල රන් මාලය උකස් කර වෙනත් අයෙකුගෙන් ලබා ගත් රුපියල් 60,000 ක ණයක් පියවීමට කටයුතු කර ඇති බවයි. මෙවන් ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එරෙහිව මෙම කාන්තාවට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති අතර අදාල කාන්තාව වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය සඳහන් කරන්නේ මෙවන් ව්‍යාජ පැමිණිලි නිසා පොලිසියේ කාලය ශ‍්‍රමය නිකරුණේ අපතේ යැවීම බරපතල අපරාධයක් බවයි.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment