උත්සව සමයේ මග දෙපස අලෙවි සැල් වලට අවසර

144


උත්සව සමයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම අවසරය ලබාදී ඇත.

මේ අනුව ස්වයං රැකියාවක් ලෙස ගෘහාශි්‍රතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීම සඳහා උත්සව සමයේ තාවකාලිකව අවසරය හිමිවේ.

ඒ අනුව මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථීර ඉදිකිරීම් සිදුනොකර සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට නිෂ්පාදකයින්ට අවසර හිමි වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment