උත්සව සමයේ රට යළි වහන්න වුණොත් පුදුම වෙන්න එපා: විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

196

ඉදිරි උත්සව සමයේ රට වැසීමට සිදු වුවහොත් පුදුම වන්නට එපා යැයි නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ පැවසුවේ කොළඹ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ ද කීය.

සමහරක් වගකීම් විරහිත පුද්ගලයන් ප‍්‍රසිද්ධියේ සහ හොර රහසේ උත්සව, පි‍්‍රය සම්භාෂණ පවත්වනවා. බරපතළ තත්ත්වයක ඉඳලා නැගිටින්න උත්සාහ දරන මොහොතේ මේ වගේ උත්සව සංවිධානය කිරීමෙන් සහ ඒවාට සහභාගි වීමෙන් වළකින්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවසර නැතුව උත්සව සංවිධානය කළොත් අවලංගු කරන්න පුළුවන්. දැනුවත් නොකොට සිදුකළොත් බරපතළ වරදක්.

අපි දන්නවා වසර කීපයක් අපිට වැදගත් උත්සව අහිමි වුණා. සාප්පු සවාරි දැන්ම ගිහින් අවසන් කරන්න. උත්සව සමයේ සාප්පු පිරුණොත් අපට විවිධ තීරණ ගන්න වේවි.

උත්සව සමයේ රටට අගතිගාමී දෙයක් සිදු නොකර රට වැසීමට පාර නොකපා සිටීමට සියලූදෙනා වගබලා ගත යුතුයි.

එන්නත් සෑහෙන පිරිසකට ලබාදීලා තියෙන පසුබිමක මේ වනවිට මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් තියෙනවා. මිය යන ප‍්‍රමාණය වැඩි වී තිබෙන්නේ ඇයි කියලා වසංගත රෝග විද්‍යා අංශය විශ්ලේෂණය කරලා ඉදිරියේදී දැනුම් දෙයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment