උතුම් උඳුවප් පොහොය අදයි….

172

චිත්‍රය – සෝලියස් මැන්දිස් – කැලණි රජමහා විහාරය….

ශාසනික වශයෙන් බෞද්ධ අපට ඉතාම වැදගත් උඳුවප් පොහොය අදට යෙදී තිබේ. මෙරට භික්‍ෂුණි ශාසනය ආරම්භයත් සංඝමිත්තා රහත් මෙහෙණිය ඇතුළු මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව දඹදිව සිට ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සිදු වුණේ අද වැනි උඳුවප් පොහෝ දිනකය. ශ්‍රී ලංකාවට වැඩම කරවූ ශ්‍රී මහා බෝධිය අද ආසියාවේ ඇති ඉපැරණිම වෘක්‍ෂයද වන්නේය. මෙරට බුද්ධ ශාසනය පිහිටුවීමට මූලිකවූ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු උන් වහන්සේගේ ආරාධනය පරිදි දෙවන පෑතිස් රජුගේ ඇරයුමෙන් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන පිරිස මෙහි වැඩම කරවා මෙහෙණි සස්න පිහිටුවීම තුළින් මෙරට කාන්තාවන්ට පෙර නොවූ විරූ ජාතික හා ආගමික නිදහසක් ද ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment