උතුම් දේශය දිනවන්නට භේද අතහැර සියලුදෙනා එක්වෙමු  

101

රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම උදෙසා තව තවත් නිදහස් අරගල සහ සටන් අවශ්‍යව පවතින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

හෘද සාක්ෂියට එකඟව අපි ඇසිය යුතු ප‍්‍රශ්න ගණනාවක් තිබෙන බවත් එදා දිනාගත්තු නිදහස පූර්ණ වශයෙන් භුක්ති වි`දින්නට හැකියාව ලැබී තිබෙනවා දැයි යන්න අප විමසා බැලිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

කොල්ලූපිටිය පොල්වත්ත ශ‍්‍රී ධර්මකීර්ත්‍යාරාමය වෙත ඊයේ (04දා* පෙරවරුවේ පැමිණි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එම විහාරස්ථානයේ විහාරාධිපති ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත ත‍්‍රිපිටකාචාර්ය මකුලෑවේ ශ‍්‍රී විමලාභිනන්දන නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ඇතිව සංවිධානය කොට තිබූ නිදහස් දින සමරුවට එක් විය.

යටත් විජිතයක්ව තිබූ දේශයට නිදහස ලබා ගැනීම උදෙසා කැපවූ මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මැතිදුන් ප‍්‍රමුඛ ජාතික විරුවන් සිහිකරමින් විපක්ෂ නායකතුමා ඞී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් උත්තමාචාරය සහ උපහාරය පුද කරන ලදී.

උතුම් දේශය දිනවන්නට භේද අතහැර සියලුදෙනා  එක්වෙමු  

එහිදී අපිට අහිමි වී ඇති සහ අහිමි කොට ඇති නිදහස දිනාගැනීම උදෙසා අපි නැවත නැවතත් අරගල කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා පොදුවේ රට මුහුණ මුහුණදී ඇති ගැටලූ පිළිබඳව පටු ආකල්පවලින් තොරව කල්පනා කළ යුතු බවද පැවසූ හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

74 වෙනි නිදහස් දිනය සමරන මොහොත අධිරාජ්‍යවාදී බලවේග පරාජය කරමින් රටේ නිදහස දිනා ගන්නට දැවැන්ත යුග මෙහෙවරක් ඉෂ්ට කරපු ඒ වීරෝදාර ජාතික නායකයින් වගේම ත‍්‍රස්තවාදී බලපෑම්වලින් රට මුදවා ගත්ත වීරෝදාර අභීත ආරක්ෂක අංශයේ ත‍්‍රිවිධ හමුදාවේ පොලීසිය සිවිල් ආරක්ෂක සේවයේ සියලූ දෙනා ගෞරවයෙන් සිහිපත් කරන මොහොතක්.

රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, ඒකීයභාවය සියලූ දේ සුරක්ෂා කරමින් ඉදිරියට යන ගමනක අපට කාලයක් සිට අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා.

අද මේ රටේ සුළුතරයක් හැරුණු කොට අනෙක් අයට ආර්ථික නිදහස අහිමි වෙලා තියෙනවා. දුප්පත්කමින් තොර ජීවිතයක් ගත කිරීමේ නිදහස අහිමි වෙලා තියෙනවා. ජීවනෝපාය අහිමි වෙලා තියෙනවා, අත්‍යාවශ්‍ය ආහාරපාන ඇතුළු පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ බරපතළ අරගලයක් තිබෙනවා. ඒ කාරණා ගැන හිතනකොට හැම අතකින්ම නිදහසේ අවස්ථාවක් මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබෙනවා. මේ අභියෝග අපි හඳුනා ගන්නට ඕන. අහිමි වුණ නිදහස නැවත දිනා ගන්නට අපි කටයුතු කරන්න ඕනේ.

දේශපාලන හා ආර්ථික අර්බුද තුළ රටේ දේශීය සම්පත් සින්නක්කරේට වෙන්දේසි වීමේ තත්ත්වයක් අද රටේ උද්ගත වෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපේ විරුවන් දිනාගත්ත නිදහස පවත්වාගෙන යාමට අපි වාද භේද නොතකා ඒක ඒකරාශි විය යුතුය.

රටක් හැටියට තවත් නිදහස් සටන් ගණනාවක් දියත් කරලා ඒවා ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාව එළැඹිලා තියෙනවා. මෙවන් තත්ත්වයක් තුළ සත්‍යය යථාර්ථය අවබෝධ කරගෙන අප රටේ ජාතික සම්පත්, ජාතික දේපල සියල්ලක්ම රටේ උන්නතිය තකා යොමු කරලා දුෂණය, වංචාව, හොරකම, මංකොල්ලකෑම මේ සියල්ලක්ම ජාතික න්‍යාය පත‍්‍රයෙන් බැහැර කොට අවංක පිරිසිදු ගමනක දර්ශනයක් පැහැදිලිව රටේ ජාතික අවශ්‍යතාව ජයග‍්‍රහණය කරවන සැලසුම් පමණක් නොව මහ පොළොවේ යථාර්ථයක් බවට ක‍්‍රියාත්මක කරන එවන් යුගයක් අද රටට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.

අතිපූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා, ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප‍්‍රමුඛ අනෙකුත් සියලූම ආගමික නායකත්වයන් ඒකරාශී කරගෙන අපේ මාතෘ භූමියට නැවත වරක් ඒ ප්‍රෞඩත්වය ගෙන දෙන සැබෑ අභිමානය ක‍්‍රියාව තුළින් ඔප්පු කරන සැබෑ දේශ හිතෛෂීත්වය රජයන යුගය ජාති කුල මල පන්ති ගෝත‍්‍ර භේදයන් බැහැර කරලා සැමට සෞභාග්‍යය උදා කරන සැබෑ නිදහස උදාකරන ඉදිරි අභියෝග සියල්ලක්ම ජයග‍්‍රහණය කරන්නට අපි රටක් හැටියට එකට එකතුවෙලා මේ ගමන ඉදිරියට ක‍්‍රියාත්මක කරමු කියන ප‍්‍රගතිශීලී යෝජනාව රට දිනවන ගමනක් බවට පරිවර්තනය කළ යුතුයි.

උතුම් දේශය සුරකින්නට රටක් හැටියට සියලූදෙනාම අත්වැල් බැඳ ගනිමු කියමින් සැබෑ අර්ථවත් නිදහසක් රටේ සියලූ දෙනාටම බිහිවේවා යි ප‍්‍රාර්ථනා කරමි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment