උතුම් සම්බුදු තෙමඟුල අද  

266

ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන් අතිමහත් බැතියෙන් යුතුව සමරන වෙසක් පුන් පොහෝ දිනය අදට (15 දා) යෙදී ඇත. බෝසත් කුමරුගේ ඉපදීම, සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන බුදු තෙමඟුල සිදුවූයේ අද වැනි අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනකය.

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ යෝජනාවකට අනුව වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ දිනය ලෙස පිළිගන්නා අතර එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය විසින් වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙසින්ද ප්‍රකාශයට පත්කර ඇත.

අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස පූජාවට මුල් තැනක් දෙමින් දාන, සීල, භාවනා වැඩසටහන් පැවැත්වෙයි.

ප්‍රතිපත්ති පූජාවට අනුව දන්සල් පැවැත්වීම, තොරණ, වෙසක් පහන් කූඩු ආදිය ඉදිකිරීමටද කටයුතු සංවිධානය කර ඇත. රටේ පවතින වාතාවරණය අනුව මෙවර එම කටයුතු සීමාවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment