උතුරට ඉඩම් හෝ පොලිස් බලතල ස්ථිරයි!

943

ජනපතිට පෙර TNA මෝදි හමුවීම ආණ්ඩුවට ගැටලුවක් නැහැලු

උතුරු පළාත් සභාවට ඉඩම් හෝ පොලිස් බලතල ලබාදීමට රජය තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ සඳහා මේ වන විට පළාත් සභා මහ ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

උතුරු පළාත් සභාව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට සූදානම් වීම සම්බන්ධව කළ විමසීමේදී රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු පැවසුවේ එහි කිසිදු ගැටලුවක් නැති බවය. ඕනෑම පුද්ගලයකුට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවිය හැකි බවත් ඒ සම්බන්ධව රජයේ කිසිදු විරෝධයක් නැති බවත් ඔහු කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරියේදී සිදුකරන බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment