උතුරට පරිප්පු දාන්න තමිල්නාඩු මහ ඇමැති මෝදිගෙන් ඉල්ලීමක් කරයි

430

මෙරට විරෝධතා මැද තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් උතුරට පරිප්පු දැමීම සඳහා අවසර දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත.

උතුරේ ජනතාව ආර්ථික දුෂ්කරතා වලට මුහුණපා ඇති බව දක්වමින් ශී‍්‍ර ලංකා රජයට නොදී උතුරට ආර්ථික ආධාර ලබාදීමට අවස්ථාව සලසන ලෙස ස්ටාලින් තවදුරටත් ඉල්ලා තිබේ. ඊට අමතරව ශී‍්‍ර ලංකාවේ පාලනය යටතේ පවතින කච්චතිව් දූපත ඉන්දියාවට අත්පත් කරගන්නා ලෙස ද ඔහු අගමැති මෝදිගෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment