උතුරු කොරියානු නායකයාට අවමන් කළ අය අල්ලා ගැනීමට අත්අකුරු පරීක්‍ෂා කරයි

486

උතුරු කොරියාවේ පියොන්යැන් නුවර නිවාස සංකීර්ණයක එරට නායකයාට අවමන් කරමින් කුරුටු වැකි ලියූ තැනැත්තා අල්ලා ගැනීම සඳහා දසදහස් ගණනකගේ අත්අකුරු පරීක්‍ෂා කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

 ජනතාව සාගින්නේ මිය යනවා. නුඹ ඊට වගකිව යුතුයි යැයි සඳහන් වචන එහි ලියා තිබුණි.

 එලෙස ලියා තිබූ වචන මකා දමා නාගරික බලධාරීහු වගස අවට ප‍්‍රදේශය වටකර අත්අකුරු පරීක්‍ෂාව ආරම්භ කර තිබේ.

 උතුරු කොරියානු බලධාරීන් එම නිවාස සංකීර්ණයේ සෑම නිවසකම පදිංචි කරුවන්ගේ අත්අකුරු දැඩිලෙස පරීක්‍ෂාවට ලක් කර ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානය පැවසූවේ උතුරු කොරියාවේ ආහාර සැපයුම මාස 3කට ප‍්‍රමාණවත් නිසා ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment