උතුරු කොරියාවෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වේ

196

ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ ශීඝ්‍ර පැතිරීම හේතුවෙන් දැඩි අගුලු දැමීමකට ලක්ව ඇති උතුරු කොරියාවෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වූ බව එරට රාජ්‍ය මාධ්‍ය ඊයේ (13දා) වාර්තා කළේය. උණ සහිත පුද්ගලයන් 06 දෙනකු හදිසියේ මියගොස් ඇති අතර ඔවුන්ගෙන් එක් අයකු පමණක් ඔමික්‍රෝන් ආසාදනය හේතුවෙන් මියගොස් ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

තවත් එක් ලක්ෂ අසූහත්දහසක් දෙනා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නිරෝධායනය කර ප්‍රතිකාර ලබා දෙන බව එරට වෛද්‍යවරු පවසති. උතුරු කොරියාවේ කලක සිටම කොරෝනා වෛරසය පැතිර පවතින බව බටහිර නිරීක්ෂකයන් පවසා සිටියද එරටින් ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වූ බව උතුරු කොරියානු රජය මගින් නිවේදනය කරන ලද්දේ පෙරේදා ය (12දා).

advertistmentadvertistment
advertistmentadvertistment