උතුරු කොරියාවේ කොරෝනා රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළට

222

උතුරු කොරියාවේ මෙම දිනවල පැතිර යන දරුණු ඔමික්‍රෝන් වසංගත රැල්ල හේතුවෙන් ඊයේ (18දා) වන විට එරටින් උණ රෝග ලක්ෂණය සහිත පහළොස් ලක්ෂයකට ආසන්න වූ ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර ආසාදනය හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

 උතුරු කොරියාවේ හදිසි තත්ත්වයන් හා වසංගත රෝග නිවාරණ මධ්‍යස්ථානයේ මූලස්ථානයට අනුව ඉකුත් සඳුදා (16දා ) දිනයේ උණ රෝග ලක්ෂණ සහිත ඔමික්‍රෝන් වෛරස් ආසාදනයට ගොදුරු වූ බවට සැක කෙරෙන දෙලක්ෂ හැටනවදහස් පන්සීය දහ දෙනෙකු එරටින් හඳුනාගෙන තිබේ. උතුරු කොරියාවේ පැතිර යන දරුණු ඔමික්‍රෝන් වසංගත රැල්ල හේතුවෙන් එරට දැඩි ලෙස අගුලු දමා ඇති අතර හමුදාවේ වෛද්‍ය අංශයේ නිලධාරීහු අගනුවර වන ප්යෝන්ග්යැන්ග් නගරයේ කොරෝනා මර්දන බෙහෙත් බෙදා දීම විධිමත් කරලීම සඳහා සේවයේ යොදවා තිබේ. කෙසේ වුවද උතුරු කොරියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සෞඛ්‍ය අංශ විසින් මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment