උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලයක් ගැන දකුණු කොරියාවේ අවධානය

491

උතුරු කොරියාව විසින් ඊයේ (28දා) දිනයේ කෙටි දුර මිසයිලයක් මුහුදට විදීමේ සිද්ධිය පිටුපස ඇති අරමුණ විශ්ලේෂණය කර බලන ලෙස දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් විසින් ජාතික ආරක්ෂක මණ්ඩලය වෙත නියෝග කර තිබේ. උතුරු කොරියාව විසින් ඊයේ දිනයේ සිය නැගෙනහිර වෙරළබඩ තීරය වෙත අත්හදාබැලීම සඳහා කෙටි දුර මිසයිලයක් විද ඇති බව වාර්තා විය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ බලවත් සහෝදරිය වන කිම් යෝ ජොන් විසින් උතුරු හා දකුණු කොරියා යුද්ධය නතර කළ යුතු බවත් පළමුව දකුණු කොරියාව විසින් දැනට අනුගමනය කරනු ලබන විරුද්ධවාදී ප‍්‍රතිපත්ති නතර කළ යුතු බව පවසා තිබේ.

 මේ අතර ජපානයේ ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් එරට ජපන් මාධ්‍ය ආයතන විසින් පළ කර ඇති පුවතක සඳහන් කර ඇත්තේ උතුරු කොරියාව විසින් අත්හදා බලන මිසයිල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක යටතේ තහනම් කර ඇති බැලිස්ටික් මිසයිල විය හැකි බවයි. තමන් විසින් මෙම මිසයිල අත්හදා බැලීම පිළිබඳව දැන සිටි බවත් එමගින් කලාපයේ සිටින ඇමරිකානු හා මිත‍්‍ර හමුදා භටයන්ට හදිසි තර්ජනයක් මතුව නැති බව ඇමරිකානු ඉන්දු – පැසිෆික් හමුදා බළකාය පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment