උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බලයි

247

උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන්වූ මුහුද දෙසට කෙටිදුර බැලැස්ටික් මිසයිල අටක් අත්හදා බලා ඇත.දකණු කොරියාව සහ ඇමෙරිකාව පිලිපීන මුහුදේ නාවික අභ්‍යාස අවසන් කිරීමෙන් දිනකට පසු ඊයේ (05දා) මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇතැයි දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සඳහන් කර තිබේ. උතුරු කොරියාවේ අගනුවර පියොංසැංහි සුනන් ප්‍රදේශයෙන් මිසයිල ප්‍රහාරය එල්ල කර ඇත. මෙම මිසයිල කිලෝමීටර් 300 ත් 400 ත් අතර දුරක් ගමන් කර තිබේ. මෙය මෙම වසරේදී උතුරු කොරියාව අත්හදා බැලූ 18 වැනි මිසයිල මෙහෙයුම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment