උතුරු කොරියාව විශාලතම මිසයිලය අත්හදා බලයි  – ජපානය – දකුණු කොරියාව කෝපයෙන්

241

උතුරු කොරියාව 2017 වසරෙන් පසු සිය විශාලතම මිසයිලය අත්හදා බලා ඇත.

 උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඉරිදා දිනයේ එරට වේලාවෙන් 07:52 ට මිසයිලය දියත් කිරීම සිදු වූ බව දකුණු කොරියාව වාර්තා කළේය. ජපානය, දකුණු කොරියාව සහ එක්සත් ජනපදය මේ අත්හදා බැලීම හෙළා දැක තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට බැලස්ටික් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් තහනම් කරන අතර දැඩි සම්බාධක ද පනවා ඇත. නමුත් උතුරු කොරියානු නායක නායක කිම් ජොන් උන් තම රටේ ආරක්ෂාව ශක්තිමත් කරන බවට ප‍්‍රතිඥා දී ඇත.

 දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය පැවසුවේ ඉරිදා අත්හදා බැලීම අතරමැදි පරාස බැලස්ටික් මිසයිලයක් වන අතර එය 2017 නොවැම්බර් සිට අත්හදා බැලූ විශාලතම මිසයිලය වන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment