උතුරු ධීවර ප‍්‍රශ්න කියන්න ශිවාජිලිංගම් ඉන්දියාවට

166

ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය පිළිබදව විසදුමක් ලබා ගැනීම සදහා සාකච්ඡා කිරීමට තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ස්ටාර්ලින් මහතා තමන්ට ඉන්දියාවට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනයට අනුව තමන් එහි යන බව දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසීය.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග මේ පිළිබදව දුරකතනයෙන් කරුණු සාකච්ඡා කළ අවස්ථාවේදී වඩාත් ඵලදායි සාකච්ඡාවක් සදහා තමන්ට තමිල්නාඩුවට පැමිණෙන ලෙස ආරාධනය කළ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment