උතුරු නැගෙනහිර ගවයින් සහ එළුවන් මියයාමට හේතු හෙළිවේ

570


උතුරු නැගෙනහිර පළාත්වල සත්ව මරණවලට හේතුව සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව ඒ සම්බන්ධව සිදුකරන ලද විමර්ශන මගින් බව අනාවරණය වී ඇත.
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් වූහ. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටිති.
උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරු වී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන් ඔරොත්තු දීමට අපහසුව ඇත. ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment