උතුරු නැගෙනහිර පළාත්හි ගැටලු ස්විස්ටර්ලන්ත තානාපති විමසයි

194


ශ්‍රී ලංකාවේ සිටින ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ උතුරු නැගෙනහිර පළාත් වල රදගුරු හිමිවරුන් අතර සාකච්ඡාවක් ඊයේ යාපනයේ රදගුරු නිවස්නයේදී පැවැත්වුණි.
මෙම සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර පළාත් වල දැනට පවතින දේශපාලන වාතාවරණය සහ සංවර්ධන කටයුතු පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව යාපනය රදගුරු නිවස සදහන් කරයි.
මේ සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර වැසියන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු හා ඒවා විසදා ගැනීමට ස්විස්ටර්ලන්ත රජයේ මැදිහත්වීමේ ඇති අවශ්‍යතාවය පිළිබදවද ස්විස්ටර්ලන්ත තානාපතිවරයා සමග කරුණු සාකච්ඡා කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment